විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම යන සටන් පාඨය මැතිවරණ කල් දැමීමේ උගුලක් – ගම්මන්පිල

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම යන විපක්ෂයට ආකර්ෂණීය සටන් පාඨය ගෙනැවිත් ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක ආණ්ඩුව නිරතවී සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඒ අනුව මීට පෙර පළාත් පාලන මැතිවරණයට හා පළාත් සභා මැතිවරණයට සිදුකළ දේම ජනාධිපතිවරණයටත් සිදුකර, ඡන්දයකින් ආණ්ඩු වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන ජනතාව නැවත වරක් රැවැට්ටවීම ආණ්ඩුවේ අරමුණවී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.

මේ හේතුවෙන් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම යනු මැතිවරණ කල් දැමීමේ උගුලක් බවත්, එම උගුලට හසු නොවන ලෙස විපක්ෂයෙන් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කළේ.