(UPDATE) අල්ලස් කොමිසමෙන් රනිල් පිටවෙයි

අල්ලස් කොමිසම හමුවේ ප‍්‍රකාශයක් ලබා දීමෙන් පසු හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන් පිටත්ව ගොස් ඇතිබව වාර්තා වේ.

සම්පත් දසනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයකට අදාළව කොමිසම විසින් කල කැදවීමක් අනුව ඒ මහතා අද පෙරවරුවේ එහි පෙනී සිටියේය.

හිටපු ජනපති රනිල් අල්ලස් කොමිසමට එයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

හිටපු ඌව පළාත් මහ ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රි චාමර සම්පත් දසනායක අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයකට අදාළව මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය දා දැනුම් දී තිබුණි.

අවස්ථා දෙකකදී මෙලෙස අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් අවුරුදු සමය සහ සිය නිතීඥවරයා විදේශගතව ඇති බව කරුණු දක්වමින් ඔහු එහි පෙනී සිටියේ නැහැ.