අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2024 විභාගයේ විෂයන් තුනටම විශිෂ්ට සම්මාන ලබා ගත් සංඛ්‍යාව 9457ක් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 3.45 ක් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
මෙවර විභාගයේ විෂයන් තුනම අසමත් සංඛ්‍යාව 29,244 ක් බවත් ප්‍රතිශතයක් ලෙස එය සියයට 10.66 ක අගයක් බවත් ඒ මහතා පැවසුවේය.
උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල වරම් හිමිකර ගත් සිසුන්ගේ සංඛ්‍යාව ක්රමික වර්ධනයක් පෙන්නුම් කරන බවත් ගැහැනු දරුවන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය පිරිමි දරුවන්ට සාපේක්ෂව ඉහළ අගයක් බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ගැහැනු දරුවන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ප්‍රතිශතයක් ලෙස සියයට 71.93 ක අගයක් ගන්නා බව ද ඒ මහතා පැවසුවේය.