හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට මේ 25 වැනිදා පෙ.ව. 9.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබේ. ඌව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහි පැමිණිල්ලකට අදාළව සිදුකරන විමර්ශනයන් සඳහා ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා පසුගිය අප්‍රේල් මස 17 වැනිදා උදෑසන 9.30ට අල්ලස් කොමිසම වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද එදින සහභාගි විය නොහැකි බව පසුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් අල්ලස් කොමිසමට දැනුම් දී තිබූ අතර, ඒ අනුව ලබන 25 දා පැමිණෙන ලෙස දැනුම් දී තිබේ. ඊයේ දිනයේ මෙම දැනුම් දීම සිදු කර ඇති අතර පසුගිය 17දා පැමිණීමට නොහැකි වීමට අදාළ පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන ලෙසද කොමිසම විසින් හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.
