සිංහල අලුත් අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට තානාපති කාර්යාලය දැනුම් දීමක් කරයි.
යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කොට මිසයිල ප්‍රහාර එල්ල විය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් තානාපති කාර්යාලය මෙම නිවේදනය නිකුත් කර ඇත.
හෙට සිට අප්‍රේල් 26 වනදා දක්වා එරට ප්‍රදේශ කිහිපයක අවුරුදු උත්සව ඇතුලු විවිධ ඉසව් සංවිධාන කර තිබේ.
එම අවුරුදු උත්සව පැවැත්වෙන ස්ථාන විවෘත ප්‍රදේශයන් බැවින් හදිසි අවස්ථාවකදී ආරක්ෂා වීමට අවශ්‍ය උපදෙස් පිළිපදින ලෙසද ඊශ්‍රායලයේ තානාපති කාර්යාලය දැනුම් දි ඇත.