පිංදෙ­ණිය පොලීසියට අප්සරා

ශ්‍රී ලංකා පොලි­සියේ සිටින දක්ෂ අප­රාධ මර්දන නිල­ධා­රි­නි­යක් වන ප්‍රධාන පොලිස් පරී­ක්ෂක අප්සරා ක්‍රිෂාන්ති අබේ­සේ­කර මහ­ත්මිය පිංදෙ­ණිය පොලිස් ස්ථානා­ධි­පති ලෙස පත්කි­රී­මට ලෝක කාන්තා දින­යේදී (08) වැඩ­බ­ලන පොලි­ස්පති නීතිඥ ප්‍රියන්ත වීර­සූ­රිය මහතා පිය­වර ගත්තේය. කෑගල්ල කොට්ඨාස අප­රාධ විම­ර්ශන කාර්යාං­ශයේ ස්ථානා­ධි­ප­ති­නිය ලෙස සේවයේ නිර­තව සිටි ඇය කෑගල්ලේ සිදුවූ අබි­ර­හස් මිනිස් ඝාතන, කොල්ල­කෑම්, පැහැ­ර­ගෙන යාම් ආදී විශාල අප­රාධ ප්‍රමා­ණ­යක් විසඳා සැක­ක­රු­වන් නීතියේ රැහැ­නට හසු­ක­ර­දී­මට පෙර­මුණ ගත් නිල­ධා­රි­නි­යකි.

ඇයත් සමඟ මේ වන විට ශ්‍රී ලංකා පොලි­සියේ කාන්තා නිල­ධා­රීන් දෙදෙ­නෙක් පොලිස් ස්ථානා­ධි­පති ධුර දර­න්නීය. දුන්ග­ල්පි­ටිය පොලිස් ස්ථානා­ධි­පති ධුරය දරන කාන්චනා සම­ර­කෝන් මහ­ත්මිය ඒ අතර සිටින පළ­මු­වැ­න්නි­යයි.