මහ බැංකුව ගැන හැදූ AI සාවද්‍ය දැන්වීම්වලට රැවටෙන්න එපා-මහ බැංකුව කියයි

කෘත්‍රිම බුද්ධිය ඔස්සේ (AI) තම බැංකුව සම්බ­න්ධ­යෙන් නිර්මා­ණය කළ සාවද්‍ය දැන්වීම් මේ දින­වල සමාජ මාධ්‍යය ඔස්සේ සංස­ර­ණය වන හෙයින් ඒවාට මුළා නොවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව මහ­ජ­න­තා­ව­ගෙන් ඉල්ලී­මක් කරයි.මේ සම්බ­න්ධ­යෙන් අද­හස් දක්ව­මින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නි­වේ­දන දෙපා­ර්ත­මේ­න්තුව පෙරේදා (05) මාධ්‍ය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් එම ඉල්ලීම කළේය.මහ බැංකුව සිදු කරන කාර්ය­යන් සම්බ­න්ධ­යෙන් ජන­තාව නොමඟ යවන සුලු ආකා­රයේ ප්‍රවෘත්ති හා තොර­තුරු මෙලෙස මහ බැංකු අධි­පති ආචාර්ය පී.නන්ද­ලාල් වීර­සිංහ මහතා ඇතුළු මහ බැංකුවේ ලාංඡ­නය භාවිත කර­මින් මේ අසත්‍ය කරුණු නිර්මා­ණය කර ඇත.

බැලූ බැල්මට ඒවායේ කිසිම ව්‍යාජ බවක් නොපෙ­නෙන මුත් ඒවා ඉතා සූක්ෂ්මව AI තාක්ෂ­ණය ඔස්සේ නිර්මා­ණය කර ඇති එම සාවද්‍ය දැන්වී­ම්ව­ලට මුළා නොවන ලෙස මහ බැංකුව ඉල්ලා සිටී.