රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතාගෙන් අපරාධ පරීක්ෂණා දෙපාර්තමේන්තුව පැය තුනක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙයි
ඩිෂාන් ගුණසේකර මහතා අද (10) පෙරවරු 11.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පස්වරු 2.20ට පමණ ඉන් පිටව ගිය බව සඳහන් වෙයි.
එහිදී අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටිය දී කිරිවෙහෙරේ සෝරත හිමියන් විසින් ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට තමාව ගෙන්වූ බවය.