මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි තොගයක් අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිගු පිටි ටොන් 750කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කර තිබෙන්නේ වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේදීයි.

වෙළඳපොළට නිකුත් කිරීමට සුදානම් කර තිබු පරිභෝජනයට නුසුදුසු තිරිගු පිටි ටොන් 750කට අධික ප්‍රමාණය ඇසුරුම් 3000ක තිබි සොයා ගැනීමට හැකි විය.

ඒවායේ නිෂ්පාදිත දිනය පසුගිය වසරේ මැයි මාසය ලෙසත් කල්ඉකුත් වන දිනය මේ වසරේ මැයි මාසය ලෙසත් සඳහන් කර තිබෙයි.

එම තොගය දැඩි ලෙස කෘමි ආසාදනයට ලක්ව තිබිම හේතුවෙන් ඒවා වෙළඳපොළට නිකුත් කිරීම වැළැක්වීමට පියවර ගත් බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි.

පසුගිය කාලයේ දී මෙවැනි වැටලීම් ගණනාවක් සිදු කර තිබෙයි

ඒ සම්බන්ධ නීතිමය පියවර ගනිමින් සිටින බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.