ලෝක උරුම ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක් පාරට කඩා වැටෙයි

ලෝක උරුම ගාලු කොටුවේ ඓතිහාසික ගොඩනැගිල්ලක් සහ එහි තාප්පය පසුගිය දිනවල ඇද හැළුණු වර්ෂාවත් සමග කඩා වැටී තිබෙයි.

ගාල්ල කොටුව ප්‍රදීපාගාර වීදියේ පිහිටි මෙම ගොඩනැගිල්ල 18 වැනි සියවසේ දී ගාල්ල කොටුව අත්පත් කරගෙන සිටි ඕලන්ද ජාතිකයන්ට සහාය දැක්වූ දේශීය පවුලක් ජීවත් වූ පැරණි නිවසක් බව පුරාවිද්‍යාඥයන්ගේ මතයයි.

මුහුදු කොරල් භාවිතා කර බිත්ති බැඳ තිබූ මෙම ගොඩනැගිල්ල කාලයක සිට අබලන් වී ජරාජීර්ණ වී තිබුණ ද එය මේ වනවිට විදේශිකයෙකු සතුව පවතින අතර කිසිදු අලුත්වැඩියා කටයුත්තක් සිදුකර නැත.

මෙම ගොඩනැගිල්ල සහ ඉඩම එම විදේශිකයා විසින් මීටර වසර 25කට පමණ පෙර මිල දී ගෙන තිබුණකි.

ගාල්ල කොටුවේ විදේශිකයන් විසින් මිල දී ගෙන එලෙස අතහැර දැමූ පැරණි නිවාස සහ ඉඩම් කිහිපයක්ම පිහිටා තිබේ.