ආරක්ෂාව ගැන කතා කරන්න ජනපති, යුද හමුදා ජ්‍යෙෂ්ඨයන් හමුවෙයි

වත්මන් ආරක්ෂක තත්ත්වය, ඒ සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුද හමුදාවේ උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (25) පැවැත්විණි.

මෙම අවස්ථාවට ආරක්ෂක නියෝජ්‍ය ඇමැති අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ මහත්වරුන් ඇතුළු යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු පිරිසක් එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න