අමාන්-2025 බහු පාර්ශ්වික අභ්‍යා­ස­යට පාකි­ස්තාන් ගිය විජ­ය­බාහු නෞකාව ආපසු එයි

පාකි­ස්තානු නාවික හමු­දාව විසින් නව­වැනි වර­ටත් සංවි­ධාන කරනු ලැබූ ‘අමාන් – 2025 (AMAN – 2025)’ බහු පාර්ශ්වික අභ්‍යා­සය සඳහා ශ්‍රී ලංකා නාවික හමු­දාව නියෝ­ජ­නය කර­මින් සහ­භාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජ­ය­බාහු නෞකාව, එම අභ්‍යා­සය සාර්ථ­කව නිමා කර­මින් පෙරේදා (17 ) කොළඹ වරා­යට පැමි­ණි­යේය. එහිදී විජ­ය­බාහු නෞකාව නාවික හමුදා සම්ප්‍ර­දා­යා­නු­කූ­ලව පිළි­ගැ­නී­මට නාවික හමු­දාව විසින් කට­යුතු කෙරිණි. කලා­පීය සහ­යෝ­ගි­තාව, ස්ථාව­ර­ත්වය සහ අන්තර් ක්‍රියා­කා­රි­ත්වය ප්‍රව­ර්ධ­නය කිරීම සහ මුහුදු මංකො­ල්ල­කෑම් ඇතුළු සමු­ද්‍රීය ත්‍රස්ත­වා­දය සහ අප­රාධ සඳහා සාමූ­හි­කව ප්‍රති­චාර දැක්වීමේ අර­මු­ණින් ‘අමාන්’ බහු පාර්ශ්වික අභ්‍යා­සය පාකි­ස්තානු නාවික හමු­දාව විසින් 2007 වර්ෂ­යේදී ආරම්භ කර ඇත. ඒ අනුව 2025 වර්ෂයේ පෙබ­ර­වාරි මස 10 වැනි දින සිට 14 වැනි දින දක්වා පාකි­ස්තා­නයේ කරච්චි අග­නු­වර සහ අරාබි මුහුද කේන්ද්‍ර කර ගනි­මින් පැවති අමාන් – 2025 බහු පාර්ශ්වීක අභ්‍යා­සය සඳහා රාජ්‍ය­යන් 11ක් නියෝ­ජ­නය කර­මින් යුද නෞකා 22ක්, සබ්මැ­රීන 02ක් මෙන්ම ගුවන් යානා ද එක්විය.

කලා­පීය හා කලා­පීය නොවන විදෙස් නාවික හමු­දා­වන් රැසක් සහ­භාගී වූ මේ බහු­පා­ර්ශ්වික සාග­රික අභ්‍යාස සඳහා සහ­භා­ගී­වීම මඟින් ශ්‍රී ලංකා නාවික හමු­දා­වට කලා­පීය නාවික හමු­දා­වන් සමඟ අන්තර් ක්‍රියා­කා­රී­ත්වය සහ අන්‍යෝන්‍ය සහ­යෝ­ගී­තාව වර්ධ­නය කර ගැනීම, සාග­රික මෙහෙ­යුම් සම්බන්ධ නව දැනුම, ක්‍රමෝ­පා­යන් හා අත්දැ­කීම් හුව­මාරු කර ගැනීම, නව අභි­යෝග හඳුනා ගැනීම සහ ඒ සඳහා සාමු­හි­කව විස­ඳුම් සෙවී­මට හැකි­වීම වැනි ප්‍රති­ලාභ රැසක් හිමි­වනු ඇත.