පවතින අධික වියළි කාලගුණයත් සමඟ හැටන් සිංගිමලේ රක්ෂිතයේ ඊයේ (19) ගින්නක් හටගෙන තිබුණි.
ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හැටන් පාරිභෝගික සේවා මධ්‍යස්ථානයට පානීය ජලය ලබා ගන්නා සිංගිමලේ ජලාශය අසලින් ගින්න හටගෙන ඇති බවත්, එම ජලාශයේ දිය නෑමට ගිය කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් විසින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇති බවට හැටන් වන අඩවි කාර්යාලයේ නිලධාරීහු සැක කරති.
සිංගිමලේ ජලාශයේ ප්‍රධාන ජල මුලාශයක් වන සිංගිමලේ රක්ෂිතයේ වටිනා ගස් සහ වන කඳුකර ප්‍රදේශයට ආවේණික සතුන් රැසක් සිය වාසස්ථානය කරගෙන ඇත.
පැතිර යන ගින්න පාලනය කිරීමට එය ආවරණයට ගිය මාධ්‍යවේදීන් පිරිසක් උත්සහ කළද, ගින්න පාලනය කිරීමට කිසිදු වගකිව යුතු නිලධාරියෙක් එම ස්ථානයට පැමිණ නොසිටියේය.
