රත් කළ කම්බි කූරකින් තම 28 හැවිරිදි බිරිඳගේ ලිංගික ප්රදේශය ආශ්රිත කලවා ප්රදේශය පිළිස්සූ බව කියන 44 හැවිරිදි සැමියෙකු අත් අඩංගුවට ගැනීමට තෙබුවන පොලිසිය පරීක්ෂණ පවත්වයි .
ඉකුත් 14 වැනි දින බීමත්ව පැමිණි සැමියා ඇයව මෙසේ පුළුස්සා තිබුණද ඇය ඔහුට ඇති බය නිසා ඒ බව කිසිවෙකුටවත් පවසා නැත.
පසුව මේ බව දැන ගත් සැමියාගේ පියා ඊයේ (17) 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම්දීමෙන් පසුව ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක විජයරත්න මහත්මිය පැමිණ පරීක්ෂණ පවත්වා 1990 සුවසැරිය ගිලන් රථයකින් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබේ .
සැකකරු ප්රදේශය අතහැර පළා ගොස් ඇතැයි පොලිසිය කියයි .
තෙබුවන පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි .