පසුගිය පෙබරවාරි මස 09 වැනිදා දිවයින පුරා සිදුවු විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
විදුලිය ඇනහිටීමෙන් පසු ජාල ස්ථායිතාව සහතික කිරීම සඳහා මධ්‍ය කාලීන සහ දිගුකාලීන උපාය මාර්ග ගෙනහැර දක්වමින් එම මණ්ඩලය නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව, ප්‍රධාන පියවර වශයෙන් ඇතැම් ජනන යන්ත්‍ර අඩු ක්‍රියාකාරිත්වයකින් තබා ගැනීම, ජාල ස්ථාවර කිරීම සඳහා තෝරාගත් ගෑස් ටර්බයින භාවිත කිරීම සහ ගැටළු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය විට අඩු ඉල්ලුමක් ඇති කාලවලදී සූර්ය බලය අඩු කිරීම පිළිබඳ එහි ඇතුළත් වේ.

