අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂිත සුඛෝපභෝගි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි උතුරුමැද ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා පැවසීය.
එම බස් රථ සේවාව නගරයේ සිට පූජා නගරය තුළ පමණක් ධාවනය කිරීමට පියවර ගනු ඇත.
වන්දනාකරුවන් විසින් දීර්ඝ කාලයක් තිස්සේ බස් රථ සේවාවන් ආරම්භ කරන ලෙස ඉල්ලීම් සිදු කළත් එම ඉල්ලීම් ඉටු වී නැති අතර, ත්‍රිරෝද රථ ඇතුළු වෙනත් වාහනවලින් වන්දනාකරුවන්ට අධික මිලක් ගෙවා වන්දනාවට යෑමට සිදුව ඇති හෙයින් මේ විශේෂිත ප්‍රවාහන සේවාව ආරම්භ කිරීමට කටයුතු කරනු ලබන බව ඔහු පෙන්වා දුන්නේය.
මේ සඳහා කඩිනමින් අවශ්‍ය කටයුතු සිදු කිරීමට උතුරු මැද පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය විසින් කටයුතු කර ඇති බවද, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සාකච්ඡා ආරම්භ කර ඇති බවද ඉදිරි මාස 6ක් ඇතුළතදී එම ප්‍රවාහන සේවාව ආරම්භ කරනු ලබන බවද ඔහු කීවේය.