ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොවෙයි

පෙබරවාරි මාසයට අදාළ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහතින් දැක්වේ.

12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ද 2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ද වේ.