අද පෙරවරුවේ සිට දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් සිදු විය.
ඒ අනුව මේ වන විට ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයුම යථාතත්ත්වයට පත්කර ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
ඒ අනුව කොළඹ නගරය, කළුතර,කොළොන්නාව, කැලණිය,පන්නිපිටිය, අඹතලේ ජල පවිත්‍රාගාරය, සපුගස්කන්ද, බියගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම යථාතත්ත්වයට පත්කර තිබේ.
අද (09) පෙරවරු 11.15ට පමණ දිවයින පුරා මෙම විදුලි බිඳ වැටීම සිදුව තිබුණි.
වඳුරෙකු පැනීම හේතුවෙන් පානදුර විදුලි උපපොලේ ඇතිවූ තත්ත්වයක් ඊට හේතුවී ඇති බව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ක්‍රියාත්මක වන බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.