රජයේ සේවා ලබාගැනීමට යෑමේ දී ජනතාවට වැය වන කාලයත්, මුදලත් අඩුකර ගැනීමේ මුල් පියවරක් ලෙස රාජ්‍ය සේවා ඩිජිටල්කරණ ගෙවීමේ පහසුකම ඇතුළු පහසුකම් 3ක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඇරඹේ.
රජයේ ආයතන 16ක සේවා විශාල සංඛ්‍යාවක් ලබාගැනීමට අද පටන් ජනතාවට ඔන්ලයින් මුදල් ගෙවීම් හරහා සිදු කිරීමට මඟපාදන GOV PAY පහසුකම ලබාදෙන බව ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ කොටුව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (06) සවස පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
ශ්‍රී ලංකාව කාසි හා නෝට්ටු භාවිත කිරීම අවම කෑෂ්ලස් රාජ්‍යයක මට්ටමට රැගෙන යෑමේ සැලසුම් සහගත ඉලක්කය කරා පිවිසීමට මුල් අඩිතාලම දමමින් අද පටන් රජයේ ගෙවීම් ඔන්ලයින් හරහා සිදුකිරීමට පහසුකම් වැඩිකරන බව නියෝජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය. රජය අද පටන් ජනතාවට ලබාදෙන විශේෂ ඩිජිටල්කරණය සහ ව්‍යාප්තකරණ රාජ්‍ය සේවා පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂාන් ගමගේ මහතා ප්‍රකාශ කළේ, රටපුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341 හරහාම අද පටන් ජනාධිපති අරමුදලේ සේවා පහසුකම් ලබාගැනීමට ඉඩකඩ ජනතාවට ලැබෙන බවද ගමගේ මහතා කීය.
සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම මේ සඳහා පුහුණුව ලැබූ නිලධාරීන් දැනටමත් පත්කොට ඇතැයිද ඊටම ගැළපෙන තාක්ෂණය හඳුන්වා දී ඇතැයි ද සියලු උපකරණ ලබා දී ඇතැයි ද ගමගේ මහතා විස්තර කළේය.
මේ සඳහා කිසිදු අතිරේක මුදලක් හෝ අතිරේක නිලධාරීන් බඳවා ගැනීමක් හෝ සිදු නොකොට දැනට පවතින භෞතික හා මානව සම්පත් මනාව කළමනාකරණය කිරීමක් පමණක් සිදු කළ බව ද ඔහු කීය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.කේ. පත්මනාදන් මහතා මෙතෙක් කලක් විදේශගත ශ්‍රී ලාංකිකයින් මුහුණදෙන සිය උප්පැන්න, මරණ, විවාහ සහතික යනාදිය ලබාගැනීමේදී ප්‍රමාදයන් මගහරවමින් ඒවා තමන් සිටින රටේ තානාපති කාර්යාල හරහා ලබා ගැනීමට හැකි පහසුකමද අද පටන් ආරම්භ කරන බව පැවසීය.
මේ සඳහා රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේ තොරතුරු පද්ධතිය සම්බන්ධ කර ගනිමින් එම පහසුකම ලබාගන්නා බව ලේකම්වරයා කීය.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ අධ්යක්ෂ හර්ෂ පුරසිංහ මහතා – රජය ඩිජිටල්කරණ වැඩපිළිවෙළ ආරම්භ කොට පහසුකම් ලබා දීමට ක්‍රියා කරණුයේ ජනතාව වෙතම ගොස් රාජ්‍ය සේවා ලබාදීමේ අරමුණින් බව කීය. ඉදිරියේදී රාජ්‍ය සේවා ලබාගැනීම ඩිජිටල්කරණය හරහා සිදුකිරීමට පහසුකම් සැලසීම වඩා වේගවත් කරන බවද ඔහු කීය.
ලංකා පේ ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී චන්න ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, QR කේතය භාවිත කරමින් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු ආයතන ලක්ෂ 04කට වඩා මේ වන විට සිය ගනුදෙනු සිදුකරන බවය. මේ ආකාරයට සිදුකරන කටයුතු සඳහා පහසුකම් වැඩි කිරීම ජනතාවට ප්රතිලාභ රැසක් හිමිකර දෙන්නක් බව ද ඔහු සඳහන් කළේය.