බෝ වන රෝග සඳහා වූ අන්තර්ජාතික සංගමයේ (The International Society for Infectious Diseases) නව සභාපතිනිය ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිකරණය හා අනුක වෛද්‍ය විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය පත් කර තිබේ. 2027 වසරේදී මහාචාර්යවරිය එම පත්වීම භාර ගන්නා අතර ඇගේ ධුර කාලය වසර දෙකක් වේ. බෝ වන රෝග ක්ෂේත්රයට ලබාදී ඇති දායකත්වය සලකා බලා ඇයට මෙම ධුරය ලබාදී තිබේ. මහාචාර්ය නිලීකා මහත්මිය කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක වන අතර ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමි කරගෙන ඇත.