කිලෝමීටර් 1,700ක් දුර ගමන් කළ හැකි ප්‍රබල බැලැස්ටික් මිසයිලයක් ඉරානය නිපදවා ඇතැයි ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් සේවය වාර්තා කළේය. ටෙහෙරාන් නුවර පසුගියදා නව මිසයිල නිරාවරණය කිරීම ජනාධීපති මසූඩ් පෙසෙෂ්කියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ බව එම පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. ආරක්ෂක හැකියාවන් සහ අභ්‍යවකාශ තාක්ෂණයේ සංවර්ධනය භාවිත කරමින් නිරාවරණය කළ මීටර් 16ක් දිගින් යුතු නව මිසයිලය කිසිදු රටක් ඉරානයට ප්‍රහාර එල්ල නොකරන බවට සහතික කර ඇතැයි නව බැලැස්ටික් මිසයිලය නිමිත්තෙන් එරට ජාතික රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. ඉරාන ආරක්ෂක අමාත්‍යාංශය මඟින් නිෂ්පාදිත එම මිසයිලය ඊශ්‍රායලයට පවා සෘජුව ප්‍රහාර එල්ල කිරීමට තරම් බලවත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
![](https://www.colombo.media/wp-content/uploads/2025/02/mizile.png)