ශ්‍රී ලංකාවේ 77 වැනි අභිමානවත් නිදහස් දිනය වෙනුවෙන් සෞදි අරාබියාව සුබ පැතුම් එක්කර තිබේ.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 77 වැනි නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ අගමැතිනී, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට තම සුබපැතුම් ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාලිඩ් හමූඩ් අල් කහ්තානි මහතා පවසයි.
ශ්‍රී ලංකා රජයට සහ එහි මිත්‍රශීලී ජනතාවට වැඩි වැඩියෙන් ප්‍රගතිය සහ සෞභාග්‍ය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ද තානාපතිවරයා සඳහන් කරයි.