යොවුන් කාන්තා ලෝක කුස­ලාන ක්‍රිකට් ශූරි­යෝ් සහ අනු­ශූ­රි­යෝ අද ගැටෙති

මැලේ­සි­යාවේ සත්කා­ර­ක­ත්ව­යෙන් පැවැ­ත්වෙන අවු­රුදු 19න් පහළ යොවුන් කාන්තා ලෝක කුස­ලාන ක්‍රිකට් තර­ගා­ව­ලියේ අව­සන් පූර්ව වටයේ තරග දෙක අද (31) ක්වාලා­ල­ම්පූර් නුවර බයු­මස් ඕවල් පිටි­යේදී පැවැත්වේ.

මේ තරග ද්විත්ව­යෙන් වැඩි අව­ධා­න­යක් හිමිව ඇති පළමු වරට පැවති (2023) යොවුන් කාන්තා විස්සයි20 ලෝක කුස­ලාන තර­ගා­ව­ලියේ ශූරි­යන් වූ ඉන්දි­යාව සමඟ එවර අනු­ශූ­රි­යන් වූ එංග­ල­න්තය ගැටෙන දෙවැනි අව­සන් පූර්ව තර­ගය මෙරට වේලා­වෙන් දහ­වල් 12.00ට ආරම්භ වෙයි. මේ කණ්ඩා­යම් දෙකම මෙවර තර­ගා­ව­ලියේ අප­රා­ජි­ත­යන් ලෙස අව­සන් පූර්ව වට­යට පිවි­සීම විශේ­ෂ­ත්ව­යකි.

ඉන් පෙර පළමු අව­සන් පූර්ව තර­ගය මෙරට වේලා­වෙන් පෙර­වරු 8.00ට ආරම්භ වන්නේ ඔස්ට්‍රේ­ලි­යාව සහ දකුණු අප්‍රි­කාව අත­රය. දකුණු අප්‍රි­කාව තර­ගා­ව­ලියේ අප­රා­ජි­ත­යන් ලෙස අව­සන් පූර්ව වට­යට පිවිසි අතර, ඔස්ට්‍රේ­ලි­යාව සුපිරි 6 වට­යේදී ශ්‍රී ලංකාව හමුවේ (ලකුණු 12කින්) පම­ණක් පරා­ජය විය. ඔස්ට්‍රේ­ලි­යාව පළමු තර­ගා­ව­ලියේ සිව්වැනි තැනට පත්වූ අතර, දකුණු අප්‍රි­කා­වට හිමිව තිබුණේ 6 වැනි ස්ථාන­යයි.

මේ තරග ද්විත්වයේ ජය­ග්‍රා­හ­කයෝ ලබන ඉරිදා (2) දහ­වල් 12.00ට බියු­මස් ඕවල් පිටි­යේ­දීම අව­සන් මහ තර­ග­යට එක්වනු ඇත.