අන්තර් සමාජ පළමු පෙළ ලීග් රග්බි තරගාවලියේ අටවැනි සති අන්තයේ තරග අද (31) ශ්රී ලංකා නාවික හමුදා ක්රීඩා සමාජය සහ ශ්රී ලංකා යුද හමුදා ක්රීඩා සමාජය අතර වැලිසරදී පැවැත්වෙන තරගයෙන් ආරම්භ කෙරේ. ශ්රී ලයන්ස් ක්රීඩා සමාජය හමුවේ පසුගිය සති අන්තයේදී පරාජයට පත්වූ නාවික හමුදා පිල වෙතින් අද තරගයේ ජයග්රහණය අපේක්ෂාවෙන් යුද හමුදා ක්රීඩකයන්ට ප්රබල තර්ජනයක් එල්ල කරනු ඇත. ජයග්රාහී මානසිකත්වයකින් යුතුව පසුවන ශ්රී ලයන්ස් පිල පසුගිය සතියේදී නිත්තවෙල පැවති තරගයෙන් මහනුවර පිල හමුවේ දැවැන්ත පරාජයක් අත්කරගත් ශ්රී ලංකා ගුවන් හමුදා ක්රීඩා සමාජය සමඟ හෙට (1) රත්මලානේදී තරග වැදීමට නියමිතය.
හැව්ලොක් ක්රීඩා සමාජය සහ වත්මන් ලීග් ශූර සීආර් ඇන්ඩ් එෆ්සී ක්රීඩා සමාජය අතර තරගයත්, මහනුවර ක්රීඩා සමාජය සහ පොලිස් ක්රීඩා සමාජය අතර තරගයත් මෙවර සති අන්තයේ උණුසුම් කරමින් ලබන ඉරිදා (2) පැවැත්වෙන අතර, එය ප්රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමේ සටනක් බවට ද පත් වී තිබේ. පසුගිය සති අන්තයේදී පොලිස් පිල පරාජයට පත් කිරීමට සීආර් පිල සමත් වූ අතර, සීඑච් පිල පරාජය කිරීමට හැව්ලොක් පිල සමත් විය.