ලංකා සතොස භාණ්ඩ 5ක මිල අඩු කරයි

අත්‍ය­වශ්‍ය ආහාර වර්ග 5ක මිල අඩු කිරී­මට ලංකා සතොස ආය­ත­නය පිය­වර ගෙන ඇති අතර, ඊයේ (30) සිට නව මිල ගණන් ක්‍රියා­ත්මක වේ.

ඒ අනුව රුපි­යල් 230කට පැවැති ආන­ය­නික ලොකු ලූනු කිලෝ­වක මිල රුපි­යල් දහ­ය­කින් අඩු කර ඇති අතර නව මිල රුපි­යල් 220ක් වේ. රුපි­යල් 175ට පැවති පාන්පිටි කිලෝ­වක මිල රුපි­යල් 10කින් අඩු කර තිබෙන අතර ඒ අනුව නව මිල රුපි­යල් 165ක් වේ.

රුපි­යල් 240ට පැවති සුදු සීනි කිලෝ­වක මිල රුපි­යල් 235ක් ලෙස සංශෝ­ධ­නය කර තිබේ.

එමෙන්ම රුපි­යල් 288ට පැවති රතු පරිප්පු කිලෝ­වක මිල රුපි­යල් 285ට ද, රුපි­යල් 210ට පැවති ආන­ය­නික රතු කැකුළු කිලෝ­වක මිල රුපි­යල් 209ක් ලෙසද මිල අඩු කර ඇත. මෙම සහ­නය ඊයේ (30) සිට දිව­යින පුරා සතොස අලෙ­වි­ස­ල්ව­ලින් ලබා­ගත හැකි බව සතොස නිකුත් කළ නිවේ­ද­නය දක්වා ඇත.