අන්ධභාවය සහ එයට හේතුවන රෝග මර්දනය කිරීමට හම්බන්තොට සහ කාත්තන්කුඩි ප්‍රදේශවල සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සෞදි අරාබියා රජය පියවර ගෙන තිබේ.
දකුණු ශ්‍රී ලංකාවේ Òහම්බන්තොටÓ සහ නැඟෙනහිර ශ්‍රී ලංකාවේ Òකාත්තන්කුඩිÓ ප්‍රදේශවල රජයේ රෝහල්වල අන්ධභාවය සහ එයට හේතුවන රෝග මර්දනය කිරීමට මේ ව්‍යාපෘතියට රෝගීන් දහස් ගණනකට සැත්කම් සිදු කිරීම, ඔවුන්ට වෛද්‍ය සේවා සැපයීම, ඖෂධ, වීදුරු සහ කාච ලබාදීම සහ සෞඛ්‍යය දැනුවත්භාවය ලබාදීම ඇතුළත් වන බවද එම වැඩසටහන් පෙබරවාරි 10දා සිට ක්‍රියාත්මක බවද ශ්‍රී ලංකාවේ සෞදි අරාබියා තානාපති කාර්යාලය පවසයි.
මෙම ව්‍යාපෘතිය සහන සහ මානුෂීය කටයුතු සඳහා වූ සෞදි අරාබියාවේ සල්මාන් රජුගේ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ව්‍යාපෘතිවල දිගුවක් වන අතර මෙම මධ්‍යස්ථානය පසුගිය වසරවලදී ශ්‍රී ලංකා ජනරජයේ විවිධ ප්‍රදේශවල ස්වේච්ඡා ව්‍යාපාර කිහිපයක් සංවිධානය කර ඇති බැවින්, අවසන් වරට Ò2024 නොවැම්බර් 3 සිට 16 දක්වා කාලය තුළ නැගෙනහිර ශ්‍රී ලංකාවේ Òවලස්මුල්ලÓ සහ Òකාත්තන්කුඩිÓ යන ප්‍රදේශවල පවත්වා තිබේ.
මෙම මානුෂීය මුලපිරීමේ අරමුණ වන්නේ පෙනීම යථා තත්ත්වයට පත් කිරීම පමණක් නොව, ප්‍රතිලාභීන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම, ඔවුන්ට ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයට නැවත පැමිණීමට සහ ඔවුන්ගේ ප්‍රජාවන්ට ක්‍රියාශීලීව සහභාගී වීමට හැකිවීමයි. මෙම උත්සාහයන් මඟින් තිරසර සංවර්ධන ඉලක්ක, විශේෂයෙන් යහපත් සෞඛ්‍යය සහ යහපැවැත්මට අදාළ තුන්වන ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා සෞදි අරාබි රාජධානියේ කැපවීම පිළිබිඹු වන බවද එම තානාපති කාර්යාලය කියයි.
මෙම මුලපිරීම වෛද්‍ය අංශයට පමණක් සීමා නොවූ අතර, අක්ෂි රෝග වැළැක්වීම සහ තිරසර සෞඛ්‍යය සේවාවක් සඳහා සහායක පරිසරයක් සැපයීම අරමුණු කර ගත් දැනුම්වත් කිරීමේ වැඩසටහන් හරහා දේශීය ප්‍රජාවන් අතර සෞඛ්‍යය දැනුවත්භාවය වැඩිදියුණු කිරීම ද ඇතුළත් වෙයි. මෙම උත්සාහයන් ශ්‍රී ලංකාවේ දහස් ගණනක් ප්‍රතිලාභීන් කෙරෙහි ප්‍රත්‍යක්ෂ ධනාත්මක බලපෑමක් ඇති කර ඇති අතර බලාපොරොත්තුව නැවත ඇති කර ඔවුන්ගේ දෘශ්‍යාබාධිතභාවය නිසා ඇති වූ අභියෝග ජය ගැනීමට උපකාරී වන බවද එම තානාපති කාර්යාලය පෙන්වාදෙයි.
සෞදි අරාබි රාජධානිය සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඇති සුවිශේෂී සබඳතා සහ සෞදි අරාබියාවේ ශුද්ධ වූ මුස්ලිම් පල්ලි දෙකේ භාරකරු වන සල්මාන් බින් අබ්දුලාසිස් අල් සෞද් රජුගේ හා ඔහුගේ රාජුගේ නායකත්වය යටතේ සෞදි අරාබි රාජධානියේ උනන්දුව මත පදනම්ව ශ්‍රී ලංකා ජනරජය ඇතුළු ලොව පුරා රටවල දුක් වේදනා සමනය කිරීම සඳහා ඔටුන්න හිමි කුමරු සහ අගමැති මොහොමඩ් බින් සල්මාන් බින් අබ්දුලාසීස් අල් සෞද් කුමරුගේ ප්‍රධානත්වයෙන්, කිං සල්මාන් මානුෂීය ආධාර සහ සහන මධ්‍යස්ථානය සෞදි නූර් ස්වේච්ඡා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බවද ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාර්යාලය කියයි.