පුල්මුඩේ ඛනිජ වැලි නිධියේ නීති විරෝධී ක්‍රියා පාල­න­යට STF සහාය ලබා ගන්නවා-නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක්වෙ­මින් ඇමැති හඳු­න්නෙත්ති කියයි

පුල්මුඩේ ඛනිජ වැලි නිධිය ආශ්‍රි­තව පව­තින නීති විරෝධී ක්‍රියා පාල­නය කිරී­මට පොලිස් විශේෂ කාර්ය බළ­කායේ සහාය ලබා­ගන්නා බව කර්මාන්ත හා ව්‍යව­සාය සංව­ර්ධන ඇමැති සුනිල් හඳු­න්නෙත්ති මහතා පැව­සීය.පුල්මුඩේ ලංකා ඛනිජ වැලි සමා­ගමේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට පෙරේදා (29) එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා මේ බව පැවැ­සීය.එහිදී ඛනිජ වැලි සමා­ගම් පරි­ශ්‍රයේ නිෂ්පා­දන කට­යුතු  කරන ආකා­රය සොයා බැලූ ඇමැ­ති­ව­රයා ඒ කට­යුතු වඩාත් කාර්ය­ක්ෂ­මව කර ගැනී­මට ගත යුතු ක්‍රියා­මාර්ග ගැන නිල­ධා­රීන්ට උප­දෙස් ලබා දුන්නේය.

ඛනිජ වැලි කැණීම් බල­පත්‍ර ලබා ගැනීම,ගැනු­ම්ක­රු­වන් සොයා ගැනීම, සේවක ගැටලු වැනි මේ වන විට ඛනිජ වැලි සමා­ගම මුහුණ දෙන ගැටලු පිළි­බ­ඳව නිල­ධා­රීන් හා සේව­ක­යන් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළ ඇමැ­ති­ව­රයා, ඒ ගැටලු ඉතා ඉක්ම­නින් විස­ඳා­ගෙන අගය එකතු කිරීම් සහි­තව මේ වටිනා සම්පත ලංකා ආර්ථි­ක­යට වඩාත් ඵල­දායි අන්ද­මින් යොදා­ගැ­නීම ගැන අව­ධා­ර­ණය කෙරිණි.

මෙහිදී වැඩි­දු­ර­ටත් ඇමැ­ති­ව­රයා මෙසේද කීය.

ඛනිජ වැලි සංස්ථාව නිරී­ක්ෂ­ණය කළා.හුඟක් ප්‍රශ්න­ව­ලට විස­ඳුම් සොයා ගත්තා.මේ ආය­ත­නය රටේ ආර්ථි­කය දියුණු කරන්න විශාල දාය­ක­ත්ව­යක් සැප­යිය හැකි ආය­ත­න­යක්.අගය එකතු කිරීමේ ක්‍රියා­ව­ලිය හරහා ස්වභා­වික සම්ප­තක් වන ඛනිජ වැලි නිෂ්පා­දන බවට  පත්කර ගන්න ඕනෑ. ලෝකයේ ලොකුම ඉල්ලු­මක් අපට තිබෙ­නවා.අපේ ඛනිජ වැලි ලබා ගැනී­මට පහ­සුයි.ලෝකයේ වෙනත් රට­ව­ල්ව­ලට සාපේ­ක්ෂව අපට ඒ පහ­සුව තිබෙ­නවා.අඩු විය­ද­ම­කින් අපට ඛනිජ වැලි ලබා ගත හැකියි.මේ නිෂ්පා­ද­න­ව­ලට තව­දු­ර­ටත් තාක්ෂ­ණය එකතු කරන්න ඕනෑ.නිෂ්පා­ද­නය කරන ඉල්ම­න­යිට්, ෆ්ලූට­යිල්, සර්කෝන්, මොනො­ක්ස­යිඩ්, ටයි­ටේ­නි­යම්  මට්ට­මට ගෙනි­යන්න පුළු­වන් දේවල් තිබෙ­නවා.එය ලෝකේ වෙළෙ­ඳ­පො­ළට හරි­යට ඉදි­රි­පත් කරන ප්‍රශ්න­යක් අපට තිබෙන්නේ.ඒ සඳහා ක්‍රියා­මාර්ග අපි සාකච්ඡා කළා.පසු­ගිය කාලයේ මේ ආය­ත­න­යට විවිධ ක්‍රම­ව­ලට සේව­ක­යන් බඳ­වා­ගෙන තිබෙ­නවා.සුදු­සු­කම් අනුව නොවෙයි තාව­කා­ලි­කව දින පද­න­මට දේශ­පා­ල­නි­කව බඳවා ගත් අය ඉන්නවා.මේ කිසිම සේව­ක­යෙක් ඉවත් කරන්නේ නැහැ.ඔවුන්ගේ සේවය ආය­ත­න­යට ගන්නවා. ඔවුන් හැම කෙනෙ­කු­ටම ඉල­ක්ක­යක් ලබා දෙනවා.ආදා­යම වැඩි කර ගන්න අපි දැනට සාකච්ඡා කර­මින් සිටි­නවා.දැනට ඉල්ම­න­යිට් මෙට්‍රික් ටොන් එක් ලක්ෂ තුන්ද­හ­සක් ගබඩා ධාරි­තාව ඉක්මවා ගිහින්.ඒ නිසා ඉතා ඉක්ම­නින් ජාත්‍ය­න්තර ඉල්ලු­ම්ක­රු­වන් කැඳවා විනි­වි­ද­භා­ව­යක් සහි­තව ඒවා ලබා දෙන්න බලා­පො­රොත්තු වෙනවා.කර්මාන්ත අමා­ත්‍යාං­ශය යටතේ තිබෙන මේ ආය­ත­න­යට බල­පත්‍ර ලබා ගැනීමේ ගැට­ලු­වක් තිබුණා.පෞද්ග­ලික ඉල්ලු­ම්ක­රු­වන්ට බල­පත්‍ර දී රජයේ ආය­ත­න­යට බල­පත්‍ර දීමේ ගැට­ලු­වක් තිබුණා.මේ ආය­ත­නය දුර්වල කිරීමේ දේශ­පා­ල­නික වුව­ම­නාව අනුව මේ ආය­ත­නය පාඩු ලබන ආය­ත­න­යක් විදි­යට පෙන්නා විකුණා දාන්නයි එදා අව­ශ්‍ය­තාව තිබුණේ.අද මේ ආය­ත­නය ලාභ ලබන ආය­ත­න­යක් බවට ආදා­යම් පෙන්නන්න සමත් වෙලා තිබෙ­නවා.

විදේශ කට­යුතු හා විදේශ රැකියා නියෝජ්‍ය  ඇමැති අරුන් හේම­චන්ද්‍ර,  පාර්ලි­මේන්තු මන්ත්‍රී  රොෂාන් අක්මී­මන,ලංකා ඛනිජ වැලි සමා­ගමේ සාමා­න්‍යා­ධි­කාරි සුසන්ත ජය­ති­ලක,කර්මාන්ත අමා­ත්‍යාංශ නිල­ධා­රීන්,රාජ්‍ය  නිල­ධා­රීන්,ලංකා ඛනිජ වැලි සමා­ගමේ සේව­ක­යන් ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට සහ­භාගි වූහ.