ජර්මන් ජාතිකයන් පිරිසකගෙන් කිරිබතාවිල කනිටු විදුහලට පරිගණක විද්‍යාගාරයක්

ගාල්ල බද්දේගම කිරිබතාවිල කනිටු විදුහල අඩු ආදායම්ලාභී දරුවන් 120කට ආසන්න දරුවන් පිරිසක් ඉගෙනුම ලබන පාසලකි. පාසලේ නියෝජ්‍ය විදුහල්පති තනතුර හෙබවූ නිමල් අබේවීර මහතාගේ සම්බන්ධීකරණයෙන් ජර්මන් ජාතික වෙයනර් ෆල්කන්ස්ටෙයන් මහතාගේ සහ මැතිනිය ඇතුළු කිහිප දෙනෙකුගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් 2019 දී පාසලේ විද්‍යාගාර ගොඩනැඟිල්ලක් ඉදි කර එයට අවශ්‍ය ඩෙස් බංකුද ලබා දුනි. 2023 වර්ෂයේදී පාසලට නව සංගීත කාමරයක්ද 2024 වසරේදී පරිගණක විද්‍යාගාරයක් ද ආරම්භ කෙරිණි.

තොරතුරු තාක්ෂණ (IT) විෂය ඉගැන්වීමට රජයෙන් ගුරු මහත්මියක් ද පත් කෙරුණු අතර, කෙටි කාලයක් ඇතුළත නවීන ලැප්ටොප් පරිගණක 22ක් සහ අන්තර්ජාල පහසුකම්වලින් සමන්විත අංගසම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක් ඉදි කෙරිණි.මේ මාහැඟි කර්තව්‍යයට සම්පූර්ණ මූල්‍යමය දායකත්වය වෙයනර් සහ බර්ගිට් ෆල්කන්ස්ටෙයන් (Werner & Birgit Falkenstern) දෙපළ සහ කුවට් මර්ක්ලේ (Kurt Merkle) ජර්මන් ජාතිකයන් තිදෙනා ප්‍රධානව තවත් ඔවුනගේ හිත මිතුරන් ඇතුළු පිරිසක් දැරූ අතර, විදුහල්පති, පාසල් ගුරු මණ්ඩලය, ආදි සිසුන්, මවුපියන් සහ පාසල් දරුවන්ගේ සහයෝගය ඇතිව නිම කළ පරිගණක විද්‍යාගාරය පසුගියදා(22) විවෘත කෙරිණි. මේ එහි අවස්ථාවකි.