පළාත් පාලන ඡන්දය අප්‍රේල් මස දෙවැනි හෝ හතරවැනි සතියේ මැතිවරණ කොමිසම මඟින් පවත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ඇමැති බිමල් රත්නායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය. “පළාත් පාලන ඡන්දය නැවත පැවැත්වීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන පෙත්සම්වල තීරණය ලැබුණු පසු මැතිවරණ කොමිසම මැතිවරණය පවත්වනු ඇතැයි බලාපොරොත්තු වෙනවා. බොහෝ විට එය අප්‍රේල් දෙවැනි සතියේ හෝ හතරවැනි සතියේ සිදු වෙයි කියා බලාපෙරොත්තු වෙනවා යැයිද හෙතෙම කීවේය.