නව ගුවන් හමුදාපති එයාර් වයිෂ් මාෂල් වාසු බන්දු එදිරිසිංහ

නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කර තිබේ. එළැඹෙන ජනවාරි 29 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම සිදුකර ඇති බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි.

ශ්‍රී ලංකාවේ විසිවැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කර තිබෙන අතර 1993 වසරේදී සාමාන්‍ය රාජකාරී නියමු ශාඛාවේ නියමු නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳුණු වාසු බන්දු එදිරිසිංහ මහතා ගුවන් හමුදාවේ භමණ අංශයට අනුයුක්තව සේවය කර එම වසරේදීම බෙල් පුහුණුව ද නිමකර ඇත. එයාර් වයිස් මාර්ෂල් එදිරිසිංහ මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ පුහුණු පාඨමාලාව හදාරා ඇති අතර, 1988 වසරේ සුදුසුකම්ලත් හෙලිකොප්ටර් උපදේශකයකු බවට පත්විය.

ඔහු හෙලිකොප්ටර් පැය හත්දහසකට වැඩි ප්‍රමාණයක් රැස්කර ඇති අතර හෙලිකොප්ටර් පියාසර කිරීමේ උපදේශකවරයෙකි.

අමෙරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ගුවන් විශ්වවිද්‍යාලයේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ මාණ්ඩලික පාඨමාලා උපාධිය ද ලබා ඇති එයාර් වයිෂ් මාර්ෂල් එදිරිසිංහ මහතා රටවල් ගණනාවක විශේෂ පුහුණුවීම් ද ලබා ඇති නිලධාරියෙකි. එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා 1970දී මහනුවර දී උපත ලබා ඇති අතර ඔහු මහනුවර සිල්වෙස්තර විදුහලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි.