කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් දෙරටේ අවධානය යොමුව තිබේ.
තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ප්‍රතීතනය කරන ලද කාම්බෝජයේ පිහිටි ශ්‍රී ලාංකික සමාගම් එරට වෙෙළඳපොළෙ අවස්ථා ගවේෂණය කිරීමට උනන්දුවක් දක්වන ව්‍යාපාර සමඟ සම්බන්ධ කිරීම සඳහා ජාලකරණ රැස්වීමක් සාර්ථකව සංවිධානය කළ බව තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
මෙම රැස්වීම සඳහා CAMCEM Co. Ltd., ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සහ කාම්බෝජයේ ක්‍රියාත්මක වන ශ්‍රී ලාංකික ව්‍යාපාර 20ක පමණ නියෝජිතයන් සහ කාම්බෝජ වෙෙළඳපොළට ව්‍යාප්ත වීමට කැමති සමාගම් සහභාගී වී තිබිණි.
මෙහිදී රැස්ව සිටි පිරිස අමතමින් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මහත්මිය, ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරන සහයෝගීතාව, දැනුම බෙදා ගැනීම සහ හවුල්කාරිත්වය වර්ධනය කිරීම සඳහා තානාපති කාර්යාලයේ ඇති කැපවීම අවධාරණය කර ඇත.
කාම්බෝජයේ සිටින ශ්‍රී ලාංකික සමාගම්වලට කාම්බෝජයේ ආයෝජන අවස්ථා ගවේෂණය කරන පුද්ගලයන් සමඟ සම්බන්ධ වීමට වේදිකාවක් ලෙස සේවය කිරීම සඳහා තානාපති කාර්යාලය මෙම රැස්වීම පවත් වන බව තානාපතිනිය පෙන්වා දුන්නාය. ඒ අනුව තානාපති කාර්යාලයේ අරමුණ වන්නේ අර්ථවත් සහයෝගීතාවන්ට පහසුකම් සැලසීම, අභියෝගවලට මුහුණ දීම සහ මෙම කලාපය තුළ ඔවුන්ගේ මාර්ගය පුළුල් කරන විට පෞද්ගලික අංශයට සහාය වීම බවත් තානාපතිනිය පෙන්වා දී තිබේ.
මෙම සාකච්ඡාව මඟින් කාම්බෝජයේ වර්ධනය වන වෙෙළඳපොළෙ ඇති ප්‍රධාන අවස්ථා ඉස්මතු කර ඇත. අදහස් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා සංසදයක් ඇතිකර ගැනීම ද එහිදී සිදු විය. ඊට අමතරව CAMCEM Co. Ltd හි ප්‍රධාන විධායක නිලධාරීවරයා කාම්බෝජයේ ක්‍රියාත්මක වීම පිළිබඳ කරුණු දක්වා තිබේ. SLASSCOM ආයතනය තොරතුරු තාක්ෂණ සහ මෘදුකාංග සේවා සහයෝගීතා සඳහා ඇති හැකියාව පෙන්වා දී ඇත.
මෙම සාකච්ඡාව සඳහා සහභාගිවූවන් වෙෙළඳාම, තාක්ෂණය, නිෂ්පාදන සහ දේපළ සංවර්ධනය ඇතුළු විවිධ අංශ පිළිබඳ සාකච්ඡාවලට සහභාගි වී තිබෙන අතර කාම්බෝජයේ හා ශ්‍රී ලංකාවේ ආර්ථික පැවැත්ම වැඩිදියුණු කිරීමේ ක්‍රම ගවේෂණය කර තිබේ.