කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ උසාවියේ සිවිලිම කඩාවැටීම හේතුවෙන් එහි රාජකාරි කටයුතු කොළඹ ජාතික රෝහලේ කිතුනු පල්ලිය ඉදිරිපිට ඇති ගොඩනැඟිල්ල වෙත තාවකාලිකව මාරු කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ හදිසි මරණ පරීක්ෂක අෂ්රෆ් රූමි මහතා පැවසුවේ පරණ හදිසි මරණ පරීක්ෂණ උසාවිය කුඩා ස්ථානයක ඉදිකර තිබූ බවයි. “විශාල පිරිසක් එතැනට පැමිණෙන විට ඉඩකඩ මදි වීම විශාල ගැටලුවක් වෙලා තිබුණා. අපිත් රජයේ සේවකයන්. අපිට වගේම මහජනතාවට පහසු වන ආකාරයේ ස්ථානයක් අපිට අවශ්‍යයි. මේ ලබා දී තිබෙන තාවකාලික ස්ථානය අපේ වැඩ කටයුතු දැනට සිදු කරගෙන යෑමට ප්‍රමාණවත්. නමුත් මරණ පරීක්ෂණ ස්ථානය උසාවියක් නිසා ඊට සුදුසු ආකාරයේ තැනක් සකස් කරදීම බලධාරින්ගේ වගකීමක් වෙනවා” යැයි ද කීවේය.