ජන­තා­වගේ ජීවන විය­දම අඩු කරන්න රජය කිසිදු පිය­ව­රක් ගෙන නැහැ-මන්ත්‍රී විජේ­පාල හෙට්ටි­ආ­රච්චි

රට පුරා සහල් හිඟ­යක් පව­තින අව­ස්ථා­වක අධික මිල­කට සහල් මිලදී ගැනී­මට ජන­තා­වට සිදුව තිබෙන බව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී විජේ­පාල හෙට්ටි­ආ­රච්චි මහතා අව­ධා­ර­ණය කරයි.

සමගි ජන බල­වේ­ගය ප්‍රධාන කාර්යා­ලයේ ඊයේ (22) පැවති මාධ්‍ය හමු­වට සහභා වෙමින් හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී විජේ­පාල හෙට්ටි­ආ­රච්චි මහතා මේ බව කියා සිටි­යේය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ හෙතෙම මෙසේ ද පැව­සීය.

ජාතික ජන බල­වේග ආණ්ඩුව බලය ලබා­ගෙන මේ වන­විට මාස හත­රක පමණ කාල­යක් ගෙවී ගොස් තිබෙ­නවා. නමුත් මැති­ව­රණ වේදි­කා­වල දී ජාතික ජන බල­වේ­ගය ජන­තා­වට ලබා දෙනවා යැයි පොරොන්දු වූ දේවල් ඉටු කරන්න අම­තක වී ගොස් තිබෙ­නවා.

ඇතැම් ප්‍රශ්න පිළි­බ­ඳව එක පෑන් පහ­ර­කින්, පැය 24න් පැය 48න් විස­ඳුම් ලබා දෙන බව ජාතික ජන බල­වේ­ගයේ පිරිස් මැති­ව­රණ වේදි­කා­වල දී ප්‍රකාශ කළා.

නමුත් රටේ ජන­තා­වට සහන ලබා දෙන්න, ජීවන විය­දම අවම කරන්න රජය කිසිදු පිය­ව­රක් ගෙන නැහැ. රටේ ජන­තා­වගේ ජීවන විය­දම අවම කිරී­මට ජනා­ධි­ප­ති­ව­ර­යාට වග­කී­මක් තිබෙ­නවා. විශේ­ෂ­යෙන්ම ජනා­ධි­ප­ති­ව­රයා බල­යට පත් වුණාට පසුව රටේ ජන­තා­වගේ ප්‍රධාන ආහා­රය වන සහල් හිඟ­ය­කින් තොරව ලබා­දී­මට වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කරන්න තිබුණා. නමුත් ඒ ආකා­ර­යට නිසි වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කර ගන්න ජනා­ධි­ප­ති­ව­ර­යාට සහ රජ­යට හැකි­යා­වක් ලැබුණේ නැහැ. ඒ නිසා අද වන­විට සහල් හිඟ­යක් සහ අධික මිල­කට ජන­තා­වට සහල් කිලෝ­වක් මිලදී ගැනී­මට සිදු වී තිබෙ­නවා. ඒ වගේම රටේ ජන­තා­වට බල­පාපු ප්‍රධාන ගැටලු කිහි­ප­යක් තිබුණා.අධික විදුලි බිල, අධික ඉන්ධන මිල, ජල බිල, ගෑස් මිල අධික වීම නිසා රටේ ජන­තාව දැඩි අප­හ­සු­තා­වට පත් වී සිටි­නවා. රජය එක රුපි­ය­ල­කි­න්වත් ජන­තා­වගේ ආදා­යම් තත්ත්වය වැඩි කරන්න වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කළේ නැහැ. ආණ්ඩුව ජන­තා­වගේ අපේ­ක්ෂා­වන් බිඳ දම­මින් කට­යුතු කරන ආකා­ර­යක් තමයි පෙනෙ­න්නට තිබෙන්නේ.

ඒ වගේම පසු­ගිය කාලයේ දී චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති කර­ගත් එක­ඟතා දැඩි විවේ­ච­න­යට ලක් කරන්න ජාතික ජන බල­වේ­ගය කට­යුතු කළා. නමුත් පසු­ගිය ආණ්ඩු චීනය සමඟ ඇති කර­ගත් එක­ඟතා ක්‍රියා­ත්මක කරන්න වර්ත­මාන රජය කට­යුතු කර­මින් සිටි­නවා. රටේ අන­න්‍ය­තාව ආරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩු­වට නිවැ­රැදි ප්‍රති­ප­ත්ති­යක් සහ වැඩ­පි­ළි­වෙ­ළක් නොමැති බව මෙයින් පෙනී­ය­නවා.

හොරුන්ට සහ දූෂි­ත­යන්ට දඬු­වම් ලබා දෙනවා කියලා ආණ්ඩුව මැති­ව­රණ වේදි­කා­වල දී ප්‍රකාශ කළා. පාතා­ලය, කුඩු සංස්කෘ­තිය රටෙන් තුරන් කරන බව ඔවුන් එදා ප්‍රකාශ කළා. ඒ සඳහා අවශ්‍ය නීති­මය වැඩ­පි­ළි­වෙළ සකස් කර තිබෙන බවත් ආණ්ඩුව ප්‍රකාශ කළා.

මනුෂ්‍ය ඝාතන සිදු­වීම් අවම කරන බවත් ඔවුන් ප්‍රකාශ කළා. නමුත් ඇප නියම වී අධි­ක­ර­ණ­යෙන් එළි­යට පැමි­ණෙන මහා පරි­මාණ මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් පහ­සු­වෙන්ම රටින් පිට වී ගොස් තිබෙ­නවා. ඒ වගේම මනුෂ්‍ය ඝාත­න­ව­ලට සම්බන්ධ පිරිස් නිදැල්ලේ සිටි­නවා.”