හැටන්හි ආපණ ශාලාවකින් පෙරේදා (21) දහවල් ආහාරයට ගත් බත් පිඟානේ කැරපොත්තකු සිටීම සම්බන්ධයෙන් ආපණ ශාලාවේ හිමිකරුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරන බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සෞන්දර්ය රාගවන් මහතා පැවසීය. දිවා ආහාරය ලබාගනිමින් සිටියදී පිඟානේ මියගිය කැරපොත්තකු සිටීම ගැන ආපණ ශාලාවේ සේවකයන්ට දැනුම් දුන් නමුත් ඒ සම්බන්ධයෙන් කිසිම තැකීමක් නොකළ බැවින් පාරිභෝගිකයෙක් පොලිස් හදිසි ඇමතුම් ඒකකය (119) වෙත ඒ ගැන දැනුම් දී තිබේ. ඒ අනුව හැටන් පොලීසියේ නිලධාරින් ආපණ ශාලාවට ගොස් විමර්ශනයක් කරනු ලැබීය. පොලීසිය ඒ සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වෙත දැනුම් දීමටද පියවර ගත්තේය. ආපණ ශාලාව අපිරිසුදුව පවත්වාගෙන යෑම ඇතුළු චෝදනා හතරක් යටතේ එහි හිමිකරුට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.