මේ වසරේදී හජ් වන්දනය සඳහා ඉන්දියාවේ ඉස්ලාම් බැතිමතුන් වැඩි ප්‍රමාණයකට අවස්ථාව ලබාදීම අරමුණු කරමින් ඉන්දියාව හා සෞදි අරාබිය අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඉන්දියාවට ලබා දෙන හජ් කෝටාව දසදහසකින් ඉහළ දමන ලෙස ඉන්දියාව ඉල්ලීමක් කර ඇතැයි ද, එම ගිවිසුම අත්සන් කිරීම සඳහා ඉන්දියාවේ සුළුතර ප්‍රජා කටයුතු ඇමැති කිරන් රජ්ජු සෞදි අරාබියේ නිල සංචාරයකද නිරත වී ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. එම සංචාරයේදී ඉස්ලාම් බැතිමතුන්ගේ ගුවන් ගමන් හා සෙසු පහසුකම් පිළිබඳ ඉන්දීය අමාත්‍යාවරයා හා සෞදි අරාබියේ අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් පවත්වා ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
ඉස්ලාම් දහමට අනුව සෑම මුස්ලිම්වරයකුම සිය ජීවිත කාලය තුළ අවම වශයෙන් එක් වතාවක් හෝ ඉටු කිරීමට අපේක්ෂා කරන හජ් වන්දනය සඳහා මේ වසරේදී ඉස්ලාම් බැතිමතුන් වැඩි ප්‍රමාණයකට අවස්ථාව ලබාදීම ඉන්දීය රජයේ අපේක්ෂාව වූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.