දේශීය මිනි­රන් යොදා­ගෙන අඩු විය­දම් තාක්ෂ­ණ­යෙන් නැවත ආරෝ­ප­ණය කළ හැකි බැටරි නිෂ්පා­ද­න­යට සාකච්ඡා

විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාං­ශ­යට අනු­බද්ධ ජාතික මූලික අධ්‍ය­යන ආය­ත­නයේ (NIFS ) පර්යේ­ෂ­ණ­යක ප්‍රති­ඵල ලෙස සොයා­ගෙන ඇති දේශීය මිනි­රන් බැටරි නිෂ්පා­ද­න­යට උචිත ලෙස ඉතාම පිරි­සුදු තත්ත්ව­යට පත්කි­රීමේ අඩු විය­දම් නව තාක්ෂණ ක්‍රම­වේ­දය හරහා සිදු කෙරෙන,නැවත ආරෝ­ප­ණය කළ හැකි බැටරි නිෂ්පා­ද­නය, වාණි­ජ­ක­ර­ණය කිරීම පිළි­බ­ඳව සාක­ච්ඡාව විද්‍යා හා තාක්ෂණ ඇමැති මහා­චාර්ය ක්‍රිෂාන්ත අබේ­සේන මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් පැවැ­ත්විණි.

බත්ත­ර­මුල්ලේ පිහිටි අමා­ත්‍යාංශ ශ්‍රව­ණා­ගා­ර­යේදී පසු­ගිය 16 වැනි දින මේ සාක­ච්ඡාව පැවැ­ත්විණි.

ඉති­හා­සය පුරා මෙරට ස්වාභා­වික සම්පත් ආශ්‍රි­තව අගය එකතු කළ නිෂ්පා­දන බිහි­කර අප­න­ය­නය කරයි. ස්වාභා­වික සම්පත්, අමු­ද්‍රව්‍ය ලෙස විශාල වශ­යෙන් අප­න­ය­නය කිරීම සිදු වේ. ඒ අත­රම මෙරට සිදු කරන පර්යේ­ෂ­ණ­ව­ලින් ගොඩ­නැ­ඟෙන නව දැනුම සහ තාක්ෂ­ණය වාණි­ජ­ක­ර­ණය නොකි­රීමේ විශාල ගැට­ලු­වක් පව­තියි. මේ සඳහා පිළි­යම් යෙදීමේ නව රජයේ වැඩ­පි­ළි­වෙ­ළට අනුව යන ඉදිරි පිය­ව­රක් ලෙස මේ ව්‍යාපෘ­ති­යට සුවි­ශේෂී වැද­ගත් ස්ථාන­යක් හිමි වේ.

විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාංශ නිල­ධා­රීන් ජාතික මූලික අධ්‍ය­යන ආය­ත­නයේ විද්‍යා­ඥ­යන්, මේ ව්‍යාපෘ­ති­යට මූල්‍ය ප්‍රති­පා­දන යෙද­වී­මට අද­හස් කරන පෞද්ග­ලික අංශයේ පාර්ශ්ව­ක­රු­වන් අතර මේ සාක­ච්ඡාව පැවැ­ත්විණි.මේ තාක්ෂ­ණික ක්‍රම­වේ­දය වාණිජ මට්ට­මට ප්‍රව­ර්ධ­නය කිරී­මෙන් රටට ආර්ථික ප්‍රති­ලාභ හිමි කර­ගැ­නී­මට ඇති අවස්ථා පිළි­බඳ අදාළ පාර්ශ්ව අතර අන්‍යෝන්‍ය වශ­යෙන් අද­හස් හුව­මාරු කර ගැනීම සාක­ච්ඡාවේ අර­මුණ විය.ඒ අනුව අව­බෝ­ධතා ගිවි­සු­මක් මත ව්‍යාපෘ­තියේ ඉදිරි පිය­ව­ර­ව­ලට ළඟ­වී­මට නිය­මි­තය.

විද්‍යා හා තාක්ෂණ අමා­ත්‍යාංශ ලේකම් වයි.එල්.මොහො­මඩ් නවාවි, ජාතික මූලික අධ්‍ය­යන ආය­ත­නයේ මහා­චාර්ය අතුල සුම­ති­පාල,මහා­චාර්ය සිරිල් විජේ­සු­න්දර, ආචාර්ය අතුල විජේ­සිංහ, පෞද්ග­ලික අංශයේ ව්‍යව­සා­ය­ක­යන් වන චෙරන්ත ද සිල්වා, කපිල ද සිල්වා, ජාතික විද්‍යා පද­නමේ සභා­පති මහා­චාර්ය සමන් සේන­වීර, ජාතික නවෝ­ත්පා­දන නියෝ­ජි­තා­ය­ත­නයේ ප්‍රධාන නවෝ­ත්පා­දන නිල­ධාරි මහා­චාර්ය අජිත් ද අල්විස්, කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ මහා­චාර්ය උපුල් සොන්නා­දර මහ­ත්වරු ඇතුළු පිරි­සක් මේ අව­ස්ථා­වට එක්ව සිටි­යහ.