විපක්ෂ නායකවරයා සහ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් අතර හමුවක්

යුරෝපා සංගම් තානාපති සහ යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයින් ඇතුළු පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී තිබෙනවා.

ඒ අවස්ථාව සඳහා යුරෝපා සංගමයේ තානාපති H.E. Carmen Moreno, යුරෝපා සංගමයේ මෙරට සහ මාලදිවයින් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ලාර්ස් බ්‍රෙඩල් මහතා සහ යුරෝපා සංගමයේ ප්‍රධාන නිරීක්ෂකයකු ලෙස කටයුතු කරන Nacho Sanchez මහතා ඇතුළු පිරිසක් එක්වී ඇති බව සඳහන්.

මෙහි දී දෙපාර්ශ්වය අතර සමාජ, ආර්ථික හා දේශපාලන කරුනු රැසක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු වී ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයන් විසින් 2024 ජනාධිපතිවරණයට අදාළව සිදු කරන ලද මැතිවරණ නිරීක්ෂණ වාර්තාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දී තිබෙනවා.