ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය, වරාය සංවර්ධනයට සමගාමීව සංවර්ධනය කිරීම තුළින් රටට විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
බලශක්ති අමාත්‍යවරයා පෙරේදා (14) ත්‍රිකුණාමලය වරාය තෙල් ටැංකි පරිශ්‍රය ආශ්රිත නිරීක්ෂණ චාරිකාවක යෙදෙමින් මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
නව රජයේ බලශක්ති ප්‍රතිපත්තියට හා වැඩපිළිවෙළට අනුකූලව ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය හරහා රටට විශාල විදේශ විනිමයක් උපයාගන්න කටයුතු කරනවා. ඒ සඳහා ලංකා IOC ආයතනය හා ලංකා ඛණිජ තෙල් සංස්ථාව එක්ව කටයුතු කරනවා. ඒ සඳහාම ඉන්දියානු හා ශ්‍රී ලාංකේය හවුල්කාරීත්වය සහිතව සාදා ඇති Trinco Petroleum Terminal Ltd ආයතනය හරහා ඒ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කෙරෙනවා.
බ්‍රිතාන්‍යය යුගයේ සෑදුවත් මේ ටැංකි ඉතා හොඳ තත්ත්වයේ තිබෙනවා. අවශ්‍ය සුළු ප්‍රතිසංස්කරණ කටයුතු කරලා නළ පද්ධතිය ඉදිකර නෞකාවලට තෙල් සපයන්නත් ගබඩා සංකීර්ණයක් හැටියට සංවර්ධනය කර ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සමඟ එක්වී වරාය සංවර්ධනයට සමගාමීව මෙය සංවර්ධනය කරමින් එහි ප්‍රතිඵල රටට ලබා දෙන්න කටයුතු කරනවා යැයිද කියා සිටියේය.
මෙම නිරීක්ෂණ චාරිකාව හා එක්වූ සිවිල් ගුවන් සේවා හා වරාය නියෝජ්‍ය අමාත්‍ය රුවන් ජනිත කොඩිතුවක්කු මහතා අදහස් පළ කරමින් ලෝකයේ පස්වැනි විශාලම ස්වාභාවික වරාය හැටියට සැලකෙන ත්‍රිකුණාමල වරාය ජාතික ආර්ථිකයට වඩාත් ඵලදායි ලෙස භාවිත කරන සැලැස්ම හඳුන ගන්න අපි අමාත්‍යාංශ දෙකම එක්ව කටයුතු කරනවා. ශ්‍රී ලංකාව නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ මෙහෙයුමේදී තෙල් වෙෙඳපොළට ඇතුළත් වීම මේ තෙල් ටැංකි හරහා සැකසෙන ව්‍යාපෘතියට අනුකූලව වරාය සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන්නත් ඉදිරි මාස කීපය තුළ මේ සම්බන්ධව ජාතික සැලැස්ම ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.
ත්‍රිකුණාමල වරාය, තෙල් ටැංකි පරිශ්‍රය අයත් වන ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, Trinco Petroleum Terminal Ltd ආයතනය හා ලංකා IOC ආයතන මෙහිදී නිරික්ෂණයට ලක්වූ අතර මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා ඉහත අමාත්‍යවරුන්ට අමතරව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති D.J.A.S. De S. රාජකරුණා, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ, වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් (විශ්‍රාමික) සිරිමෙවන් රණසිංහ මහත්වරු ඇතුළු ඉහළ නිලධාරීහු ද මෙයට එක් වූහ.