වැට් බදු සහ සමාජ ආරක්ෂණ බදු ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය දියුණු කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. සිනමන් බෙන්තොට බීච් හෝටලයේ පැවති “Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය සඳහා ඊයේ (09) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්විය. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය අප රටේ ව්‍යාප්ත කළ හැකි මෙන්ම ප්‍රචලිත කළ හැකි කර්මාන්තයක් බවත් අපනයනය ප්‍රවර්ධනය කිරීම උදෙසා බදු සහන දී වැට් බදු සහ සමාජ ආරක්ෂණ බදු ඉවත් කර මැණික් හා ස්වර්ණාභරණ පාර්සලයකට ඩොලර් 200ක පැකේජයක් දීම තුළින් මෙය පුළුල් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. එසේම මෙම කර්මාන්තයේ ශුද්ධ ලාභයට බදු නොගැසිය යුතු බවත් මෙම ක්ෂේත්රය පහළ වට්ටනවා වෙනුවට ඉහළට ගෙන ඒමට ධනාත්මකව කටයුතු කළ යුතු බවත් ඊට අමතරව නිපුණතා කුසලතා සහිත ශිල්පීන් බිහිකර අපනයන කර්මාන්තයක් ලෙස මේ සඳහා දිය හැකි ඉහළම සහන දිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.