ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව විස්සයි20 පිතිකරුවන්ගේ පළමු 10 අතරට පිවිසීමට ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබේ.
නවසීලන්තයට එරෙහි අවසන් විස්සයි20 තරගයේදී අගනා ශතකයක් රැස් කරමින් දැක්වූ දස්කම් හේතුවෙන් ඔහු ස්ථාන 26කින් ඉදිරියට පැමිණ තිබේ. ඔහු මේ වන විට ප්‍රසාද ලකුණු 675ක් ලබා සිටින අතර, පිතිකරුවන් අතර ඉදිරියෙන්ම සිටි ශ්‍රී ලාංකික ක්‍රීඩකයා වූ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක (7) එක් ස්ථානයක් පහතට වැටී ඇත. ඔහුගේ ශ්‍රේණිගත ලකුණු සංඛ්‍යාව 715 සිට 707 දක්වා අඩුවී තිබේ. කුසල් මෙන්ඩිස් (12) සහ චරිත් අසලංක (39) ද ස්ථානයක් බැගින් පහත වැටී ඇත.
පන්දු යවන්නන් අතරේ වනිඳු හසරංග තෙවැනි තැනම සිටියදී මහීෂ් තීක්ෂණ ස්ථානයක් පහත වැටී තිබේ. නුවන් තුෂාර ස්ථාන 9ක් ඉදිරියට පැමිණ 26 වැනි තැන සිටියදී මතීෂ පතිරණ (27) ස්ථානයක් පහතට වැටී තිබේ.
දකුණු අප්‍රිකානු පිලේ නායක ටෙම්බා බවුමා සිය හොඳම ශ්‍රේණිගත කිරීම වාර්තා කරමින් 6 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ස්ථාන 3ක් ඉදිරියට යමිනි. පාකිස්තානයේ සවුද් සාකීල් 7 වැනි තැන සිට ස්ථාන 5ක් පහතට වැටී ඇති අතර, මේ සමඟ ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට පියවරක් ඉහළට ගොස් තිබේ. ඒ අනුව ඔහු 7 වැනි තැන පසුවන්නේ ශ්‍රේණිගත ලකුණු 759ක් සමඟිනි. දිනේෂ් චන්දිමාල් (14) සහ ධනංජය ද සිල්වා (15) ස්ථානයක් බැගින් පහළට වැටෙද්දී, ප්‍රභාත් ජයසූරිය පන්දු යවන්නන් අතර 8 වැනි තැන සිටී.
ඉන්දීය පන්දු යවන්නකු වාර්ත කළ හොඳම ශ්‍රේණිගත ලකුණු (908) සමඟ ටෙස්ට් පන්දු යවන්නන් අතර පෙරමුණ රැක ගැනීමට ජස්ප්‍රීට් බුම්රා සමත්ව ඇත.
එක්දින ශ්‍රේණිගත කිරීම්වල පැතුම් නිස්සංක 10 වැනි තැනම සිටිද්දී චරිත් අසලංක (13) ස්ථාන 2ක්, කුසල් මෙන්ඩිස් ස්ථාන 4ක් පහතට වැටී ඇත. අවිශ්ක ප්‍රනාන්දු ස්ථාන 8ක් ඉදිරියට එමින් 58 වැනි තැන සිටී. පන්දු යවන්නන් අතර මහීෂ් තීක්ෂණ 7 වැනි තැනට පත්ව ඇති අතර, වනිඳු හසරංග 21 වැනි තැනම සිටී.