අප්‍රිකානු සූකර උණ විල්පත්තුවේ සැරිසරන වල් ඌරන් වෙතට ආසාදනය වීමත් සමඟ විල්පත්තුවේ වන උද්‍යානයේ ආරක්ෂාව සඳහා පිටතින් ඇති කරනු ලබන ඌරු මාංස උද්‍යානය තුළට රැගෙන යාම සම්පූර්ණයෙන් නවතා ඇති බව වනජීවී පශු වෛද්‍ය ඒකකයේ අධ්යක්ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසයි.
මේ වනවිට දිවයින පුරා ඌරන් ඇති කරනු ලබන ගොවිපොළවල, පැතිරී යමින් ඇති සූකර උණ මෙලෙස විල්පත්තුවේ සැරිසරන වල් ඌරන් අතර ද පැතිර යමින් ඌරන් මරණයට පත්වීම් රැසක් වාර්තා වී ඇති බව ද පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා වැඩි දුරටත් පවසයි.
විල්පත්තුවේ වල් ඌරන් සූකර උණ වැලඳී මරණයට පත්ව සිටියදී තලවිල, පල්ලේකන්ඩල් ප්‍රදේශ ආශ්‍රිතව හමුව තිබූ අතර, එහිදී මියගිය වල් ඌරන්ගේ මාංස කොටස් රැගෙන සිදු කළ පරීක්ෂණවලදී සූකර උණ වැලඳී තිබූ බවට සැක හැර වාර්තා වූ බව වනජීවී පශු වෛද්‍ය ඒකකයේ අධ්යක්ෂවරයා පැවසීය.
අප්‍රිකානු සූකර උණ ලංකාවේ ඌරු ගොවිපොළ ආශ්‍රිතව පැතිරයෑමේ මේ වනවිටත් දහස් ගණනක් ඌරන් මරණයට පත්ව ගොවිපොළ හිමියන් දැඩි අසරණ කමකට ලක්වී සිටින බව පවසයි. කෙසේ වෙතත් විල්පත්තුවේ වල් ඌරන්ට සූකර උණ ආසාදනය වීම කුමන ලෙසින් සිදුවුවා දැයි කළ විමසීමේදී පශු වෛද්‍ය ඒකකයේ අධ්යක්ෂවරයා පවසා සිටියේ විල්පත්තුවට නේවාසිකව රැඳී සිටීමට පැමිණෙන සංචාරකයන් විසින් රැගෙන ආ ඌරු මස්වලින් ඉතිරි කොටස් පරිසරයට මුදා හැරීමෙන් මෙය සිදුව ඇති බවට සැක කරන බවයි.
කෙසේ වෙතත් වැඩිදුරටත් ඔහු පවසා සිටියේ විල්පත්තුවේ වල් ඌරන්ට මෙලෙස සූකර උණ වැලඳී මරණයට පත්වූ සංඛ්‍යාව අඩුවෙන් වාර්තා වුවද එය විශාල සංඛ්‍යාවක් ලෙස වාර්තා නොවන්නේ මරණයට පත් වල් ඌරන්ගේ ශරීර වෙනත් මාංස භක්ෂක සතුන් ආහාරයට ගැනීම හේතුවෙන් බවට තහවුරු වන බවයි.
කෙසේ වෙතත් එය සිය ගණනක් හෝ එයට එහා ගිය සංඛ්‍යාවක් විය හැකි බවත් මේ හේතුවෙන් විල්පත්තුව ඇතුළු වන උද්‍යාන තුළ වල් ඌරන් වඳවී යෑමටත් යම් බලපෑමක් සිදුවිය හැකි බවට පැවසීය.
කෙසේ වෙතත් ගොවිපොළවල ඇති කරන ඌරන්ට සූකර උණ පැතිරී යෑමත් සමඟ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මඟින් විශේෂ ගැසට් නිවේදනයක් මඟින් රට පුරා ආසාදිත හා අවදානම් කලාප ලෙස නම් කිරීමටත් කටයුතු කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය පසුගිය ඔක්තෝබර් 25 වනදා සිට ඉදිරියට මාස තුනක වලංගු කාලයක් ලෙස නම් කිරීමටත් කටයුතු කර තිබේ.
කෙසේ නමුත් අප්‍රිකානු සූකර උණ මිනිසුන්ට වැලඳීම සිදු නොවුණද රෝගය පැතිරී ගිය ඌරන් මියයෑමෙන් පසු බැක්ටීරියා ආසාදනය වීම හේතුවෙන් මෙය යම් හානිදායක කරුණක් බවට පත්විය හැකි බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් තහවුරු කර ඇත.
කෙසේ වෙතත් මේ සියල්ල හමුවේ වන උද්‍යාන තුළට නැවත දැනුම් දෙන තුරු ඌරු මස් රැගෙන ඒම සංචාරකයන්ට තහනම් කර ඇති බව වනජීවී නිලධාරීහු පවසති.