වනඅලි ගම්වැදීම පාලනය කිරීමට පියවර

වනඅලි ගම්වැදීම පාලනය කිරීමට අනුරාධපුර, මහවිලච්චිය කොට්ඨාශයේ ග්‍රාම නිලධාරි වසම් කිහිපයක මුර කුටි 12ක් ඉදිකිරිමට පියවර ගෙන තිබෙනවා

ඒ අනුව, මෙම මුර කුටි ඉදිකිරීම ප්‍රජා හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සහය මත සිදු කෙරෙන බව සඳහන්

එම ඉදිකිරිම් අවසන් වු පසු දෛනිකව සිවිල් ආරක්ෂක සෙබලුන් මුරකුටිවලට යොදවා ගනිමින් වනඅලි ගම් වැදීම පාලනය කිරීමට නියමිතයි

එමෙන්ම, මෙම වැඩසටහන සාර්ථක නම් අනෙකුත් දිස්ත්‍රික්කවල ද ඉදිරි වර්ෂය තුළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බවයි මෙම වැඩසටහන පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් උතුරුමැද පළාත් ආණ්ඩුකාර ලේකම් ඩබ්.ජී.ඩබ්. වනසිංහ මහතා පැවසුවේ