සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පසුගිය පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්ව ගොස් වෙනත් මන්ත්‍රීවරයකුට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ සැලැස්වීම සම්බන්ධයෙන් ගොනු කළ ලිපිගොනුවක් ද ජාතික ජන බලවේගය සතුව පවතින අතර අවශ්‍ය නම් එය ඉදිරිපත් කළ හැකි බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (17) පැවසීය.
ඇමැති වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය.
සුදුලූනු වංචාව සම්බන්ධයෙන් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්රශ්නයේ දී ඇමැතිවරයා දුන් පිළිතුරු සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවූ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා කියා සිටියේ ජාතික ජන බලවේගයේ පසුගිය කාලයේ විපක්ෂයේ සිටියදී ගොනු කළ ලිපිගොනුවට අනුව අද ඇසූ ප්‍රශ්නයට පිළිතුරු ලබාදේවි යැයි අපේක්ෂා කළ බවය.
ඊට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළ අතර ඇමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ , විපක්ෂයේ සිටියදී වංචා දූෂණ සම්බන්ධයෙන් ගොනු කර තිබෙන ලිපිගොනු 760ම සම්බන්ධයෙන් අවශ්‍ය නම් පිළිතුරු දීමට සූදානම් . ඒ සඳහා වෙනම විවාදයක් ඉල්ලා සිටිනවා. ජාතික ජන බලවේගය පත් කර ගත් කථානායක අශෝක සපුමල් රංවල මහතාට ගෙදර යාමට සිදු වූ ආකාරය සම්බන්ධයෙන් ද සෙවීමට කටයුතු කරන ලෙස චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා වසන්ත සමරසිංහ ඇමැතිවරයාට ප්‍රකාශ කළේය.