ඇල්ල නායයෑමේ අවදානමක්

ඇල්ල නමුණුකුල පිංගරාව වතුයායට අයත්  කර්මාන්ත කොටසේ  ඊයේ (15) ඇතිවු නායයෑම් අවදානමක් නිසා එම ස්ථානයට ඉහලින් පිහිටි වතු පේලියේ පිරිසක් ඉවත් කර තිබෙයි.

මෙලෙස ඉවත් කර ඇත්තේ  නිවාස හයකට අයත් සාමාජිකයන් 21 දෙනෙකි

මෙම පිරිස  තාවකාලිකව පිංගරාව දෙමල විද්‍යාලයේ කඳවුරු ගත කිරිමට අවශ්‍ය පියවර ගත් බව ඇල්ල ප්‍රාදේශීය ලේකම් ගයාන් ඉන්දික මහතා වැඩිදුටත් පවසයි.