කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයෝ පත් කරති

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් කොළඹ වරාය නගර ආර්ථික කොමිසමට සාමාජිකයන් පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් කොමිසමේ සාමාජිකයින් වෙත පසුගියදා (13) ජනාධිපති කාර්යාලයේදී ලබාදෙන ලදි.

ඒ අනුව කොළඹ වරාය නගර ආර්ථික කොමිසමේ සභාපති ලෙස ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා පත් කර ඇති අතර ඩේමියන් අමල් කබ්රාල්, මොහාන් රේ අබේවර්ධන, සංජය කුලතුංග සහ ආචාර්ය හර්ෂ සුබසිංහ මහත්වරුන් කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.