මහනුවර මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට බෝ ගස ආසන්නට අවිධිමත් ලෙස බැහැර කර තිබූ කසළ තොග ඉවත් කිරීමට නගර සභාව කටයුතු නොකිරීම හේතුවෙන් උඳුවප් පොහෝ දින මහනුවර නගරයට පැමිණ ජනතාව දැඩි අසීරුතාවට පත් වූහ.
ඉවත ලන පලතුරු හා එළවළු මධ්‍යම වෙළෙඳපොළ භූමියේ අනවසර වෙළෙඳුන් විසින් වෙළෙඳපොළ ඉදිරිපිට ස්ථාන කිහිපකට අවිධිමත් ලෙස බැහැර කරනු ලබන බවත්, ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට සිටින නගර සභා සේවකයන් තම සේවය නිසි ලෙස ඉටු නොකිරීම මේ තත්ත්වයට හේතුව බවත් නගරයේ බදු ගෙවන ජනතාව පවසති.
දිනකට වැඩි කාලයක් තිස්සේ මධ්‍යම වෙළෙඳපොළ ඉදිරිපිට කසළ ගොඩගැසී තිබීම සම්බන්ධයෙන් කෘෂිකර්ම, වාරිමාර්ග හා ඉඩම් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාට දැනුම් දීමෙන් පසු එම තත්ත්වය සම්බන්ධව ඇමැතිවරයා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගෙන් කරුණු විමසා තිබේ.
පසුව පළාත් ප්‍රධාන ලේකම්වරයා මහනුවර මහා නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ ප්‍රධානී, ඉංජිනේරු නාමල් දිසානායක මහතා දැනුවත් කර ඇත. වහා ක්‍රියාත්මක වී පැය කිහිපයක් තුළ කසළ තොගය ඉවත් කිරීමට පියවර ගත් බවත් නාගරික ජනතාව වෙන් නොකර අවිධිමත් ලෙස කළ බැහැර කිරීම විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන බවත් ඒ මහතා කීය.