සික් ආග­මික ග්‍රන්ථ­යට අප­හාස කළ පාකි­ස්තා­නුවා ඔස්ට්‍රේ­ලි­යා­වෙන් නෙර­පයි

සික් ජාති­ක­යන්ගේ ගුට්කා සහීබ් ශුද්ධ වූ ආග­මික ග්‍රන්ථ­යට අප­හාස කළ බවට චෝදනා ලැබූ පාකි­ස්තානු ජාති­ක­යකු ඔස්ට්‍රේ­ලි­යා­වෙන් පිටු­ව­හල් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කයි­සර් හයාට් නමැති 21 හැවි­රිදි පාකි­ස්තාන ජාති­කයා ටික්ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ සික් ජාති­ක­යන්ගේ ශුද්ධවූ ග්‍රන්ථ­යට අප­හාස කර­මින් ප්‍රකාශ නිකුත් කිරීමේ චෝද­නා­වට වැර­දි­ක­රු­වී­මෙන් පසු ඔස්ට්‍රේ­ලි­යානු රජය මේ පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

පසු­ගිය අගෝ­ස්තුවේ පර්ත් නුව­රදී පාකි­ස්තාන ජාතික තරු­ණයා ගුට්කා සහීබ් ආග­මික ග්‍රන්ථය බිම දමා පාගා එහි පිටු ඉරා ගිනි තබන ආකා­රය ඔහු විසින්ම වීඩි­යෝ­ගත කර ටික්ටොක් සමාජ මාධ්‍ය­ජා­ල­යට මුදා හැර ඇති අතර, එය හෙළා දකි­මින් එරට වෙසෙන සික් ප්‍රජාව දැඩි විරෝ­ධ­තා­වක නිර­ත­වී­මට හේතු­වවූ බවද වාර්තා වේ. පාකි­ස්තාන ජාති­ක­යාට එරෙ­හිව පර්ත් නුවර අධි­ක­ර­ණයේ නඩු විභා­ගය පැවැ­ත්වෙද්දී සික් ජාති­ක­යන් විශාල පිරි­සක් අධි­ක­රණ භුමිය අසල එක්රොක්වී සිටි බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.