ආනයනික පළමු සහල් තොගය වෙළඳපළට යයි

පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද පළමු සහල් තොගය ඊයේ (11) දිනයේ රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර තිබෙයි.

ඉන් අනතුරුව එම සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර ඇත.

ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර ඇති බව වාර්තා වෙයි.

රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදුණි.