ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 (Beachcraft King Air 350) වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය රත්මලාන, ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රයේ දී අද (12) ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත නිල වශයෙන් භාරදීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය තවදුරටත් ඉහළ නංවමින් ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව විසින් මෙම නිරීක්ෂණ ගුවන් යානය පරිත්‍යාග කරන අතර ඒ අනුව ගුවන් හමුදාවේ ගුවන් ශක්තිය ඉහළ නැංවීමේ අරමුණින් සිදුකරන වැඩපිළිවෙළෙහි තවත් සුවිශේෂි අවස්ථාවක් ලෙස ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව භාවිත කරන ලද බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 350 (Beachcraft King Air 350) වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට එක්වන බව ගුවන් හමුදා මාධ්‍ය අංශය පවසයි.
ඒ අනුව මෙම යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් යානා සංචිතයට එක්වන අතර එය ඉදිරියේ දි ගුවන් හමුදාට අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිත බවද ගුවන් හමුදාව සඳහන් කරයි. මෙම අවස්ථාවට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා එක්වන අතර ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් ද එක්වීමට නියමිතයි.
ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියා රජය සමඟ තිබෙන සමීප සහයෝගිතාවයේ සහ හවුල්කාරිත්වයේ ශක්තිමත්භාවය විදහා දක්වමින්, ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ සමුද්‍රීය ආවේක්ෂණ හැකියාව වර්ධනය කිරීම සඳහා, මෙම Beachcraft King Air 350 වර්ගයේ සමුද්‍රීය ආවේක්ෂණ කටයුතු සඳහා යොදාගනු ලබන නිරීක්ෂණ ගුවන් යානය ඔස්ට්‍රේලියානු රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමිවේ.
එමඟින් කලාපය තුළ සිදුකරන සොයා ගැනීම් සහ මුදා ගැනීම්, අන්තර් ජාතික මට්ටමෙන් සිදුකරන අපරාධ සහ මිනිස් ජාවාරම් තුරන් කිරීමට ආරක්ෂිතව හා සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට අවස්ථාව සැලසෙන අතර ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව (Flight Information Region – FIR) හා සුවිශේෂී ආර්ථික කලාපය (Exclusive Economic Zone – EEZ) තුළ මෙම බීච් කින්ග් එයාර් 350 ගුවන් යානය ඵලදායී ලෙස යොදා ගනිමින් සමුද්‍රීය වසම් දැනුම්වත් කිරීමේ (Maritime Domain Awareness – MDA) විෂයට අදාළ රාජකාරීන් තවදුරටත් පුළුල් කිරීම මෙමඟින් සිදුකරයි.
ඊට අමතරව ඉන්දියානු සාගර කලාපය ආශ්‍රිතව සිදුවෙමින් පවතින සමුද්‍රීය මිනිස් ජාවාරම අද වනවිට ජාත්‍යන්තර මට්ටමේ ප්‍රශ්නයක් වී ඇති අතර ඒ සඳහා කලාපීය රටවල්වල සහයෝගිතාවය, අන්තර් ජාතික මට්ටමෙන් සිදුකරනු ලබන මිනිස් ජාවාරම් මුලින් උපුටා දැමීමේ ක්‍රියාමාර්ග සාක්ෂාත් කර ගැනීමට මහඟු පිටුවහලක් වන බව ද ගුවන් හමුදාව පෙන්වා දෙයි.