ත්‍රිවිධ හමු­දා­වල ඉදිරි සාර්ථ­ක­ත්ව­යට අවැසි ප්‍රති­සං­ස්ක­රණ අප ආරම්භ කළ යුතුයි – ආර­ක්ෂක ලේකම්

අපේ ත්‍රිවිධ හමු­දා­වල ඉදිරි සාර්ථ­ක­ත්ව­යට අවශ්‍ය ප්‍රති­සං­ස්ක­රණ පිළි­බ­ඳව තක්සේරු කළ යුතු යැයි ආර­ක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) මහතා ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාවේ ආර­ක්‍ෂක ක්ෂේත්‍රය සඳහා වන අපගේ දැක්ම වන්නේ අපේ ජාතියේ ස්වෛරී­භා­වය, භෞමික අඛ­ණ්ඩ­තාව සහ ජාතික අව­ශ්‍යතා ආරක්‍ෂා කළ හැකි තාක්‍ෂ­ණි­කව දියුණු සහ මානව කේන්ද්‍රීය බල­වේ­ග­යක් වීමයි. මේ දැක්ම සාක්ෂාත් කර ගැනී­මට අප ආර­ක්‍ෂක අංශයේ පරි­පූර්ණ ප්‍රති­සං­ස්ක­රණ පිළි­බඳ පුළුල් වැඩ­ස­ට­හ­නක් ආරම්භ කළ යුතුයි” යනු­වෙන්ද ආර­ක්ෂක ලේක­ම්ව­රයා පැව­සීය.

ආර­ක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) පෙරේදා (10) සපු­ග­ස්කන්ද ආර­ක්‍ෂක සේවා අණ හා මාණ්ඩ­ලික විද්‍යා­ලයේ ශිෂ්‍ය නිල­ධා­රින් හමුවේ මේ අද­හස් පළ කළේය.

අපගේ  මාතෘ­භූ­මිය ප්‍රධාන සමුද්‍ර වෙළෙඳ මාර්ග­වල සන්ධි­ස්ථා­න­යක සුවි­ශේෂී ලෙස ස්ථාන­ගත වී ඇත. මේ උපා­ය­මා­ර්ගික පිහි­ටීම අති­වි­ශාල ආර්ථික අවස්ථා ලබා­දෙන අත­රම, සැල­කිය යුතු ආර­ක්‍ෂක අභි­යෝග ද ඉදි­රි­පත් කරයි. ත්‍රස්ත­වා­දය, කැරලි, සමුද්‍ර මංකො­ල්ල­කෑම් සහ ස්වාභා­වික විපත් දක්වා වූ පුළුල් පරා­ස­යක තර්ජ­න­ව­ලට විස­ඳුම් සෙවී­මට අප සූදා­නම් විය යුතු බව ආර­ක්‍ෂක ලේක­ම්ව­රයා මෙහිදී වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

ආර­ක්‍ෂක සේවා අණ හා මාණ්ඩ­ලික විද්‍යා­ලයේ සේනා­වි­ධා­යක, මේජර් ජෙන­රාල් කපිල දොලගේ විසින් විද්‍යා­ලය වෙත පැමිණි  ආර­ක්‍ෂක ලේක­ම්ව­රයා පිළි­ගත් අතර, ඔහුව  පාඨ­මාලා අංක 18 හි ශිෂ්‍ය  නිල­ධා­රින් ඇම­තී­මට Maroon ශාලාව වෙත කැටුව යන ලදි.

මේ අව­ස්ථා­වේදී, එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයි­ය­කොන්තා (විශ්‍රා­මික) තම වටිනා දැනුම මේ එක් අවු­රුදු  මාණ්ඩ­ලික පාඨ­මාලා විෂය මාලාව සම්පූර්ණ කරන ශ්‍රී ලංකාවේ සහ විදේ­ශීය සන්නද්ධ හමු­දා­වන්හි තරුණ වෘත්තීය නිල­ධා­රින් සමඟ බෙදා­ගන්නා ලදි.

එම අව­ස්ථාව සනි­ටු­හන් කිරී­මට ආර­ක්‍ෂක සේවා අණ හා මාණ්ඩ­ලික විද්‍යා­ලයේ සේනා­වි­ධා­යක හා  ආර­ක්‍ෂක ලේක­ම්ව­රයා අතර සමරු තිළිණ හුව­මා­රු­වක් ද සිදු­විය.